Eleven

in hive-133716 •  20 days ago 

1000023530.jpg
source

ඉතින් අද අරගෙන ආවේ මේ අවුරුද්දේ released වුනු serial killer කාණ්ඩයේ ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක කියල විචාරකයින් හඳුන්වන ෆිල්ම් එකයි.ඇත්තටම ඒකත් එක්ක එකග නොවී බැහැ.පිස්සු හැදෙන ආරම්භයක් වගේම අවසානයක් තියෙන කතාවක් තමයි මේකේ අඩංගු වෙන්නේ.ඉතින් මේ අති සාර්ථක කුතුහලය පිරුණු ෆිල්ම් එකට imdb 7.9ක ඉතා ඉහල අගයක් හිමිවෙලා තියෙනවා.හැබැයි ෆිල්ම් එක බලලා ඉවර වුනාම ඔයාට හිතේවි සමහරවිට මීටත් වඩා අගයක් ලැබෙන්න ඕන කියලා.සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් බලාගෙන යද්දි අවසානයේ මෙන්න මෙහෙම දෙයක් වේවි කියලා නිගමනය කරනවනේ,එහෙම නිගමනය කරනවා කියලා හිතාගන්නවත් බැරි බොහොම සංවේදී අවසානයක් තියෙන ෆිල්ම් එකක් තමයි මේක.ඉතින් අපි වෙනද වගේම ෆිල්ම් එක ගැන පොඩි සාරාංශයක් අරගමු.

වෙස් මුහුණක් දාගත්ත දාම ඝාතකයෙක් ඉන්නවා.මේ දාම ඝාතකයා එක දිගටම තරුණ පිරිමි අයව මරාගෙන යනවා.මැරුවට පස්සේ ඒ හැම මළසිරුරක්ම මේ දාම ඝාතකයා විසින් පුච්චලා දානවා.ඉතිං පොලිසියට හමුවෙලා තියෙන්නේ ඒ පිළිසුණු මළ සිරුරුරු විතරයි.මරණ පරීක්ෂණවලදී දැනගන්න ලැබෙනවා මේ දාම ඝාතකයා මරන්නේ අවුරුදු තිහ පරාසයේ පිරිමි අයව කියලා.ඒ හැරෙන්න කිසිම හෝඩුවාවක් මේ serial killer ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි එක දවසක් මේ පරීක්ෂණය බාරව ඉන්න රහස් පරීක්ෂකවරයා හදිසි අනතුරකට ලක් වෙනනිසා , මේ පරීක්ෂණය බාර වෙනවා හොඳ රහස් පරීක්ෂක දැනුමක් වගේම තීක්ෂණ බුද්ධියක් තියෙන අරවින්දන් කියන පොලිස් නිලධාරියට.අරවින්දන් මුල ඉඳලම මේ දාම ඝාතකය ගැන හොයන්න ගන්නවා, ඔහු මේ වෙද්දී ඝාතන හයක් සිදු කරලා තියෙනවා.ඉදින් අරවින්දනට මේ දාම ඝාතකයා විසින් කරපු එක අඩුපාඩුවක් හොයාගන්න පුළුවන් වෙනවා , ඒ තමයි ඔහු විසින් පුළුස්සපු එක මළ සිරුරක හෝඩුවාවක් අරවින්දන්ට හොයාගන්න පුළුවන් වෙනවා.ඉතින් මොකක්ද මේ හෝඩුවාව? අරවින්දනට මේ ඝාතකය ගැන හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන හරියට දැනගන්න නම් ඔයාට මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!