Shutter Island

in hive-133716 •  17 days ago 

1000025160.jpg
source

ඉතින් අදත් අරගෙන ආවේ ලස්සනම ලස්සන Hollywood film එකක්.සමහර තැන් තියනවා යන්න තියා හිතන්නවත් හොඳ නැතිි තැන් , ඒ ඇයි කියලා දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්න වෙනවා.Shutter Island පොත පාදක කරගෙන තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ.ත්‍රාසය ,භීතිය ,කුතුහලය, ඇතුලත් psycological, mystery , thriller කියන category වලට අදාළ මේ ෆිල්ම් එක 2010 තමයි released වුනේ.තමන්ගේ ෆිල්ම් එකක් released වෙන හැම අවුරුද්දේම ඔස්කාර් සම්මාන උළෙල දොරට පොඩි තට්ටුවක් දාන learnardo de caprio තමයි ප්‍රධාන චරිතයෙන් දායක වෙලා තියෙන්නේ.ඉතින් caprio ගෙ acting ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑනේ තනිකරම next level. 8.2 ක ඉතා ඉහළ imdb rating එකක් ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ලෝකේ ජනප්‍රියම ෆිල්ම් 250 අතරින් 139 ස්ථානය ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එකේ අවසානෙට ඔයාව කම්පනයට ලක් කරනවා කියලා කිව්වොත් මම හරියටම නිවැරදියි.කතාව කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙන්න මේ වගේ.

මිනිසුන් ජීවත් වෙන්නෙ නැති පාලු දූපතක් තියෙනවා.මේ දූපතේ මානසික රෝගීන්ගේ රෝහලක් තියෙනවා.මේ රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු එක් කාන්තාවක් එක්වරම අතුරුදහන් වෙනවා.ඉතින් මේ අතුරුදන්වීම ගැන හොයන්න ටෙඩී ඩැනියල්ස් ඔහුගේ සහයකයා සමග මේ රෝහලට එනවා.ටෙඩීගෙ බිරිඳත් මෑතකදී මිය ගිහිල්ලා තමයි ඉන්නේ.පරීක්ෂණ කරගෙන යද්දි ටෙඩී ට පිටතින් පේනවට වඩා කුමක් හෝ අමුතු දෙයක් සිදුවෙමින් තියන බව දැනෙන්න ගන්නවා.ඒ වගේම ටිකෙන් ටික හිතාගන්න බැරි අද්භූත සිදුවීම් ගණනාවකට මුහුණ දෙන්නත් ටෙඩීට සිදුවෙනවා.ඒ වගේම ටෙඩී ගේ බිරිඳ ඝාතනය කරයි කියලා සැක හිතෙන සැකකාරයකුත් ටෙඩී මේ රෝහලේදී හොයනවා.ඉතින් මේ රෝහලේදි ඇත්තටම සිදුවෙන්න මොනවද ටෙඩීට මේ සැකකාරය හොයාගන්න පුළුවන්වෙයිද??ඉතින් අන්තිමට හීනෙනන්වත් හිතන්නේ නැති අවසානයක් තියෙන මේ සංකීර්න ෆිල්ම් එක ඔයාලා බලන්නම් ඕන එකක්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!